බංග්ලාදේශය තුළ අකුණු අනතුරු නිසා පසුගිය සති අන්තයේදී පුද්ගලයන් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ අකුණු වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ වැඩි දෙනා ගොවීන් බවත්, ඔවුන් කුඹුරුවල කටයුතු කරමින් සිටියදී මෙම අනතුරුවලට ලක්ව ඇති බවත් වාර්තා වෙයි.
මීට අමතරව, ඩකා අගනුවර පාපන්දු ක්රීඩාවේ නිරතව සිටි සිසුන් දෙදෙනකු සහ අඹ ඇහිලිමට ගිය තවත් තරුණයෙක්ද අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අකුණු සහිත කාලගුණික තත්ත්වයන් අතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති රටක් ලෙස බංග්ලාදේශය හඳුනාගෙන ඇති අතර, එය මෙම වසරේදී පෙර වසරවලට වඩා දරුණු වී ඇති බවද එරට කාලගුණ අංශ පවසා සිටියි.