සෑම පාසලකම පන්ති දෙකක් සඳහා වෛද්‍ය නිර්දේශිත මේස පුටු ලබාදීමට පසුගිය වසරේ සිට උත්සාහ කළද අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් තමන්ට එය ඉටුකිරීමට ඉඩ නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (15දා) පැවසීය.
මේ සඳහා රුපියල් බිලයන දෙකක් වෙන්කර ලියකියවිලි කැඳවා තිබෙන බවත්, යකඩ කූරු දෙකක් නමා ලෑලිවලින් සකස් කළ ඩෙස්ක් බංකු ලබාදිය යුතු බවට තාක්ෂණික ඇගයීම් කමිටුව පවසන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සමහර ආයතනවලින් මේ පිළිබඳව වාර්තා ඉල්ලා සිටි අවස්ථාවේදී ලෑලිවලින් ඩෙස්ක් බංකු සකස් කරන සැපයුම්කරුවන්ට අවශ්‍ය පරිදි එම ආයතන කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති පළාත් කළමනාකරණ හා සම්බන්ධීකරණ නිලධාරීන් කලාප කළමනාකරණ හා ප්‍රමිති සම්බන්ධීකරණ නිලධාරීන්ගේ රැස්වීමකදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.