අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හමුවීම සඳහා හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (18දා) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබේ.
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ තිබේ.
මන්ත්‍රීවරයා පෙන්වාදුන් ගැටලු සඳහා පිළියම් යෙදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසා තිබේ.අධ්‍යාපන පද්ධතියේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ සම්බන්ධවද හිටපු අමාත්‍යවරයා හා වර්තමාන අමාත්‍යවරයා අතර කෙටි අදහස් හුවමාරුවක්ද සිදුව තිබේ.