අක්ෂි කාච මිල නියාමනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බවත් පෞද්ගලික අංශයේදී අක්ෂි කාච මිල අඩු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත පැවැසීය. පානදුරදී පැවැති උත්සවයක් අමතමින් අද (16දා) අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ගැසට් පත්‍රය අනුව අක්ෂි කාචයක මිල රුපියල් 8000කට අඩුවීමට නියමිතය. එසේම රජයේ රෝහල්වල නොමිලේ අක්ෂි කාච නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.