අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන ජාගොඩ මහතාගේ ධුරය තාවකාලික අත්හිටුවමින් අද (24දා) ගාල්ල මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම මහතා නියෝගයක් නිකුත් කළේය.
අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපති අනිල් ප්‍රියදර්ශන ජාගොඩ මහතා ඇතුළු වගඋත්තර කරුවන් අට දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනිමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා ඉහත නියෝගය කළේය.
අක්මීමණ සභාපතිවරයා සිය ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීමටත් පළාත් පාලන පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින් ඔහුගේ ධූරය අත්හිටුවා මැන්ඩාමුස් රීට් ආඥාක් නිකුත් කරන ලෙසින පෙත්සම්කරු ඉල්ලා තිබුණි.