කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේදී අක්මා බද්ධ සැත්කම් පස්වරු 4.00න් පසුද සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවධානය යොමුව ඇත.
පස්වරු 4.00 න් පසු සිදුකරන සැත්කම් සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ් යනම් ගෙවීම් කිරීමට සූදානම් බවත්, එමගින් පොරොත්තු ලේඛනය අවම කළ හැකි බවත් සෞඛ් යඅමාත්යවරයා සඳහන් කරයි.
මේ වන විට කොළඹ ජාතික රෝහලේ සහ රාගම ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ සැත්කම් 30 ක්පමණ සිදුකර ඇත. අක්මා බද්ධ සැත්කම් නොමිලයේ සිදු කරන ලෝකයේ එකම රටශ්‍රී ලංකාව බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.