වයික්කාල ප්රදේශයේදී මාඔයේ දිය නෑමට ගිය එකම පවුලේ දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි. ඊයේ (16දා) සවස 4.00ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල සුරුවම අසළ නිවෙසක පදිංචිවී සිටි දාහත් හැවරිදි නිශානි පනාන්දු සහ පහළොස් හැවරිදි චන්දිම ප්රනාන්දු නැමති එකම පවුලේ අක්කා සහ මල්ලී යන දෙදෙනෙකුය.
වෙන්නප්පුව පොලීසිය සිද්ධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පන්නල - හේමා රාජපක්ෂ