මෙවර අ.පො.ස. සාමාන්‍ය‘ පෙළ විභාගයට පෙනීසිටින අයදුම්කරුවන් ලක්ෂයකගේ ජාතික හැඳුනුම්පත් සකස්කරගැනීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා පැවසීය.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ අයදුම්පත්‍ර තවමත් ලැබී නැති බැවින් මෙම තත්ත්වය උදා වී ඇතැයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
සරත් කුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ අඩු තරමින් ඉදිරි සති 02 ඇතුළත හෝ එම අයදුම්පත්‍ර ලබාදිය යුතු බවයි.
ඌව මැතිවරණයට අදාළ ඡන්ද දායකයන්ගේ හැඳුනුම්පත් සකස්කිරීමටද විශේෂයෙන් පැවරී ඇති බැවින්, ඉතා ඉක්මනින් අයදුම්පත්‍ර ලැබෙන්නට සලස්වන්නැයි ඒ මහතා විදුහල්පතිවරුන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඔක්තෝබර් 31 වැනි දිනට වයස අවුරුදු 16 සපුරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයදුම්පත්‍ර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුවට ලැබෙන්නට සලස්වන්නැයි මීට පෙර දන්වා ඇති බවත්, ඔක්තෝබර් 31 වැනිදා වනතුරු නොසිට අයදුම්පත්‍ර කලින් යොමුකරන්නැයි විශේෂ ලිපියක් මගින් විදුහල්පතිවරුන්ට දන්වා සිටි බවද ඔහු කීය.
මෙවර විභාගයට අයදුම්කරුවන් 450,000 ක් පමණ පෙනී සිටීමට නියමිත අතර, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ අයදුම්පත්‍ර ලක්ෂ 03 ක් පමණි.
කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ දෙපාර්තුමේන්තුවේ දෛනික සේවයෙන් ආසන්න වශයෙන් 50,000 ක් පමණ ජාතික හැඳුනුම්පත ලබාගනීවි යැයි උපකල්පනය කරන බවයි. ඉතිරි සිසුන් පිරිසේ අයදුම්පත්‍ර ලැබීමට නියමිත බවද ඔහු කීය