e තක්සලාවට පිවිසීමට අන්තර්ජාල පහසුකම් නොමිලේ
එළඹ ඇති පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ. ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසේ.
1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

