රෝගීන්ගේ DNA පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඖෂධ නියම කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යාංශය ප්‍රකාශකර සිටින්නේ එහි මූලික අදියර ලෙස පිළිකා රෝගීන් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවයි.
ඒ අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් පිළිකා රෝගීන්ගේ ජීවත්වීමේ කාලය සියයට අසූහතර දක්වා වැඩි කිරීම අපේකෂාව වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇමරිකාවේ විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකරන ලද පර්යේෂණවලප්රගතිය මත මෙම ක්‍රමවේදය රෝහල්වල දියත් කිරීමට අමාත්‍යවරයා විසින් අනුමැතිය දී ඇති බවයි.