වසර 35ක කාලයක් පොලිස් සේවයේ නිරත වෙමින් වසර 16කට වැඩි කාලයක් මැතිවරණ රාජකාරී කටයුතු සඳහා සහයෝගය දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා හෙට (20දා) පොලිස්පති සේවයෙන් විශ්‍රාම ගනු ලබයි.
පරිපාලන හා මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ගාමිණී නවරත්න මහතා මැතිවරණ රාජකාරීවලදී කටයුතු කළ ආකාරය ඇගයීමට ලක් කිරීම සඳහා නීරීක්ෂණ සංවිධාන උපහාර උලෙළක් පැවැත්වීමටත් සැලසුම්කර තිබේ.