CSN නාලිකාවේ සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් රොහාන් වැලිවිට මහතා අද (19දා) උදෑසන කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.
සී.එස්.එන්. නාලිකාවේ ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කළේ රොහාන් වැලිවිට මහතාය. එම නාලිකාවේ ආරම්භක අවස්ථාවේදී ආයෝජනය කරන ලද මුල්‍ය ප්රතිපාදනයන් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් වැලිවිට මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බව වාර්තාවෙයි.