www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ ඉන්ධන ප්රවාහනය සඳහා ලීටර් 26400 ටැංකි රථ 10ක් ලබාදීම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්ය චන්දිම වීරක්කොඩි මහතා විසින් අද (02දා) කොලොන්නාව නිමාව තෙල් ගබඩා පර්යන්තයේදී සිදු කෙරුණි.
මේ නිමිත්තෙන් පැවති උත්සවයකදී ඇමතිවරයා සඳහන් කළේ රුපියල් මිලියන 550 වැයකරමින් මෙවැනි ඇදි රථ (ටේලර්) තිහක් ඇණවුම් කර තිබෙන බවත්,ඉන් 10 අද දිනයේදී බෙදාදුන් බවත්ය.
ඇණවුම් කර ඇති ඉතිරි ටැංකි රථ ඉදිරියේදී සංචිතයට එකතු කරන බවත්,මෙම ආයතනය සතුව දැනට තිබෙන බවුසර් රථ වසර 15ක් පමණ පැරණි බැවින් ගුණාත්මක බවින් අඩුවක් දැකිය හැකි බවත් ඒ මහතා කියා සිටියේය.
සිලෝන් පෙට්රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් ආයතනයේ සභාපති ෂෙහාන් සෙනෙවිරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප- ශමීර රාජපක්ෂ
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd