ඛනිජ තල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන බවුසර් රථවලින් ඉන්ධන සොරකම් කර එයට දැවි තෙල් කලවම් කළ පුද්ගලයෝ හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ගම්පොළ, පේරාදෙණිය, රුවන්වැල්ල හා හැටන් ප්රදේශවල පදිංචිකරුවෝ සිව්දෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
මුල්ලේරියාව, කැලණිමුල්ල ප්රදේශයේදී ඊයේ (29දා) කළ වැටලීමකදී අදාළ සැකකරුවන් හා බවුසර් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් විසින් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් වලින් කොටසක් වෙනත් බවුසර් රථයකට මාරුකර ඉතිරිය සඳහා දැවි තෙල් පිරවීම සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් විසින් වසර දෙකක පමණ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය කියයි.