කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නතර කිරීමට මේ දක්වා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අද (18දා) සඳහන් කළේය.
චීන රජයේ මූල්‍යමය සහාය මත ඉදිවන කොළඹ වරාය නගරය පිළිබඳ අවසාන තීරණය ගනු ලබන්නේ ඒ පිළිබඳව පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ මත බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අදාළ ව්‍යාපෘතිය පිළිබඳව නව රජය බලයට පත්වීමෙන් පසු ඇගයීමක් කළ බවත්, ඒ සඳහා විධිමත් පරිසර අධ්‍යයනයක් සිදුකොට නොමැති බවත්, එසේම ඊට අදාළ නෛතික කරුණු රැසක් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය. එසේම ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබාගෙන නොමැති බව ඔහු පැවසීය.