මතභේදයට ලක්ව ඇති කොළඹ වරාය නගරය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පෙබරවාරිි 18දා තමන් විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, වැවැලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (10දා) පැවැසීය.
මෙහිදී ව්‍යාපෘතිය පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිතය. විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.