කොළඹ වරාය පුරවර (Colombo Port City) ව්‍යාපෘතිය පිළිබඳව කරුණු විමසීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂනායකවරයා මීට පෙර අසා තිබූ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයෙන් ගොනු කළ පිළිතුර සභාගත කරන ලද්දේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
එය සභාගත කර එය වෙනුවෙන් විවාදයකට සූදානම් දැයි දිනේෂ් ගුණවර්ධන මහතා විමසූවිට 'අප විවාදයක් ඉල්ලන්නේ නැහැ. අවශ්‍ය තේරීම් කාරක සභාවක්' යැයි වික්‍රමසිංහ මහතා කීය.
අවශ්‍ය නම් ආණ්ඩුව විවාද දෙනවා යැයි ගුණවර්ධන මහතා පැවසීය.
තේරීම් කාරක සභාවක් පත්කරන්නේ නම් විවාදයකට සූදානම් යැයි එවිට වික්‍රමසිංහ මහතා කීය.