ශ්‍රී ලංකාව හා චීනය එ්ක්ව සිදුකරන කොළඹ නගර ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යා හැකියැයි එහි ඉදිකිරීම් කටයුතු කරන සමාගමේ උපසභාපති විශ්වාසයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එහි ඉදිකිරීම් සිදුකරන China Communication Construction Limited (CCCL) සමාගමේ උප සභාපති සැන්ග් බඕසොන්ග් සඳහන් කරන්නේ එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අවසර ලැබී තිබෙන බවයි.
උප සභාපතිවරයා චීනයේ සිටින අතර එහිදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.
"ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අපිට හොඳ සබදතා තිබෙනවා. ව්‍යාපෘතිය ගැන විචේචන තියෙනවා. නමුත් මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බලපානවා" යැයි හෙතෙම පවසයි.