කොළඹ මහ නගර සභාවේ අද (28දා) පැවැති නගර සභා රැස්වීම පැය 1 ½ ක් ඇතුළත් අවසන් විය.ආණ්ඩු පක්ෂයේ සංජීව චන්ද්‍රදාස හා ඒ.ඩී. සුගත් කුමාර යන මන්ත්‍රීවරුන් විසින් යෝජනා 2 ක් ඉදිරිපත් කරන ලද අතර, වෙනත් සභාවාරවල මෙන් විවාදයක් නොපවත්වා සභාවේ කටයුතු අවසන් කිරීමට නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා කටයුතු කළේය.