විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (23දා) දිනයේදී කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා තිබේ.
අද පෙරවරු 9.50 ට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ මෙම ප්‍රකාශය ලබාදෙන්නැයි දන්වා ඇති බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පැවසීය.
එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2010 වසරේදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් දැනගැනීමට අවශ්‍ය බැවින් වීරවංශ මහතාට පැමිණෙන්නැයි දන්වා තිබූ බවයි.