රහස් පොලීසිය පෙන්වන තරමේ බරපතළ ප්‍රශ්නයක් තමාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධව නොමැති බවත් එය අධිකරණය ගෙන තිබෙන පියවර මගින් පැහැදිලි වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (28දා) මීගමුව අධිකරණ සංකීර්ණයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,
“බරපතළ තත්ත්වයක් තිබුණා නම් අධිකරණය පාස්පෝට් එක දෙන්නෙ නෑ. ගුවන් ගමන් වාරණයක් දීලත් නෑ. අධිකරණය ගෙන තිබෙන පියවර මගින් සනාථ වෙනවා රහස් පොලීසිය පෙන්වන තරමේ බරපතළ ප්‍රශ්නයක් මෙතෙන නැති විත්තිය. ලබන වසරේ මැයි දක්වා නඩුව කල් ගිය බැවින් ඒ වෙනකොට මෙහි සත්‍ය තත්ත්වය අධිකරණය අනාවරණය කරාවි” යැයි පවසා සිටියේය.
විදේශ ගමන් බලපත්‍ර 2 ක් ළඟ තබාගැනීම සම්බන්ධව අධිකරණයෙ පෙනී සිටීමෙන් අනතුරුව වීරවංශ මහතා මෙලෙස කරුණු දැක්වීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහාය ලබාදුන් බවට පළවන වාර්තා සත්‍යදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් වීරවංශ මහතා, “අගමැති දීපු සහාය තමයි මේ” යැයි සඳහන් කළේය.