ඇවන්ගාර්ඞ් නෞකාවේ ඇති ආයුධ පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නෞකාවට ඇතුළු වී පරීක්ෂණ කටයුතු ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. ගාල්ල වරාය පොලිසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයකට අනුව මෙලෙස නෞකාවට ඇතුල්වේ.
ගාලූ වරායේ නැංගුරම්ලා ඇති මෙම නෞකාව නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට භාර දුනි.