පොලිස් පරීක්ෂකවරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේදී, සියලුම සුදුසුකම් සපුරා තිබෙන තමන්ට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර ලබාදීමට කටයුතු කර නොතිබෙන නිසා එම තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා පොලිස් පරීක්ෂකවරුන් 75 දෙනෙකු එකතුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
2014, අප්‍රේල් මස 23 වැනිදා සිදුකළ උසස්වීම් ක්‍රමවේදයට අනුව පොලිස් පරීක්ෂක තනතුරේ සිටි නිලධාරීන් 218 දෙනෙකුත්, කාන්තා නිලධාරිනියන් 12 දෙනෙකුටත් ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරු පිරිනැමූ බවත්, එම අවස්ථාවේදී තම නිලධාරීන් 75 දෙනාද එම තනතුරට සුදුසුකම් ලබා තිබූ බවද මෙම නිලධාරීන් පිරිස පවසති.