බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පිහිටි රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේ සිවිලිමේ කොටසක් ඊයේ (30දා) කඩා වැටි තිබේ.
එහි බී - 9 ගොඩනැගිල්ලේ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති අතර පහළ මාලයේ ඇත්තේ ජාතික පොලිස් කොමිසමයි. ඊයේ රාත්‍රි එම සිද්ධිය සිදුවන විට කිසිවකුත් කාර්යාලයේ සිට නැති හෙයින් පරිගණක හා ඡායාපිටපත් යන්ත්‍රය මතට කොටස් ඇද වැටි තිබිණ.
මෙම සිද්ධියෙන් හානි සිදුව ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයට යාබදව පිහිටි කාර්ය මණ්ඩලයේ කාමර දෙකකට වන අතර වැසි සමයේ දී ජලය ගලාඒම ඇතුළු ඉදිකිරිම් දෝෂ ගණනාක් මෙහි පවතින බවද කියති.