බොදුබල සේනා සංවිධානය පසුගිය ජනපතිවරණයට අනවශ්‍ය ලෙස මැදිහත්වීම නිසා හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පරාජයට පත්වූ බව වයඹ පළාත් සභා මන්ත්‍රී අසංක නවරත්න මහතා පැවැසීය.
කුරුණෑගලදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය. එසේම ජාතිවාදය හා ආගම්වාදය නැති රටක ඉදිරි ගමනක් සඳහා බොදු බල සේනා වැනි සංවිධාන දේශපාලනයට ඒව වැලැක්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.