ඇඹිලිටිය සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩි.ඩබ්.සි. ධර්මරත්න මහතාට ඇප නියම කිරීමට එරෙහි විරෝධතා ඇත්නම් මේ මස 30 දින එම විරෝධතා ගොනු කරන ලෙස ඇඹිලිපිටිය මහාධිකරණය අද (23දා) රහස් පොලීසියේ විශේෂ විමර්ශන අංශයට දැනුම් දුන්නේය.
රිමාන්ඩ් කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය මහාධිකරණයට ඇප ඇයදුම් පත්රයක් පෙබරවාරි (17දා) ඉදිරිපත් කළේය. එම ඇප අයදුම් පත්රය පිළිගත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එන් අබේරත්න මහත්මිය වගඋත්තරකරුවන්ට අද (23දා) මහාධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නියම කර තිබුණි.
අජිත්ලාල් ශාන්ත උදය සහ කොළොන්න ජේ. නානායක්කාර