AH1N1 වෛරසය පවතින කිසිම රටකට එරෙහිව ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය මේ දක්වා සංචාරක හෝ වෙළෙඳ තහනමක් පනවා නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ AH1N1 වෛරසය හේතුවෙන් කටාර් රාජ්‍යය එරට ප්‍රජාවට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙසට දැනුම්දීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් ඔහු මෙම අදහස් දක්වා තිබේ.
එසේම වෛරසය පිළිබඳ බිය වීමට කරුණක් නොමැති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂා කළ සාම්පල 1503කින් 570ක් ඉන්ෆ්ලුවෙන්සා A වෛරසයෙන්ද,58ක් ඉන්ෆ්ලුවෙන්සා B වෛරසයෙන්ද පෙළෙන බව තහවුරු කරගෙන ඇති බවත් ලේකම්වරයාසඳහන් කර ඇත.
මේ වනවිට ගිණිකොණදිග ආසියාවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා මාලදිවයින් ඇතුළු රටවල් කිහිපයකම AH1N1 අසාදනය වූ රෝගීන් සිටින බවදහෙතෙම සිය ලිපියෙන් පවසයි.
ශ්‍රී ලංකාවේ කාලගුණයේ වෙනස්වීමක් නිසා AH1N1 වෛරසයේ පැතිර යෑම වර්ධනය වූ බවත්, වසරේ පළමු මාස දෙක හා සසඳා බැලීමේදී වෛරසය ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවූ බවත් ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්රයේ යටිතල පහසුකම්වලින් දියුණු රටක් බවත්, අවශ්‍ය ඕනෑම විටක ගතයුතු පියවරගැනීමට ශක්තිමත් බවත් ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වෙයි.
වෛරසය හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වුවද එහි වර්ධනයක් නැති බවත්, 2009 වසරේදී සමස්ත ලෝකය පුරාම AH1N1 රෝගය ඉහළම ස්ථානයක පසුවන විට හෝ කිසිදු රටකට එරෙහිව සංචාරක තහනමක් පැනවීමට කටයුතු නොකළ බවත්එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.