ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකො නකඔ මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (22දා) රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් සභාපතිවරයා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී පිළිගැනීමට නියමිතය.
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නකඔ මහතා හෙට (23දා) ශ්‍රී ලංකා රජය සමග විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට සූදානමින් සිටියි.