Z Score අහෝසි කිරිම රතුපස්වලටත් වඩා භයානක දෙයක්
විශ්ව විද්‍යාලවල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය වෙනුවට පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බවත් ඒ හරහා ගම්බද දුෂ්කර පාසල් සදා කල්හිම සංවර්ධනයකට පාත්‍ර නොවීම සහ දක්ෂ තරුණ තරුණියන්ට විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට තිබූ අවස්ථාව අහිමි වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අද (04දා) කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති විද්වත් කථිකාවතකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
ලෝකයේ කිසිඳු රටක විභාගයකින් තොරව පාසල් විභාගවලින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කර නොගන්නා බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එවැනි විනාශකාරී ක්‍රමවේදයක් ගෙන ඒමට සූදානම් වන ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 16 වැනි දා පරාජයට පත්කොට දරුවන්ගේ අනාගතය ආරක්ෂා කර දිය හැකි පාලනයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරයට පත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
“විශ්ව විද්‍යාලවලට ළමුන් තෝරා ගැනීමට ඇති දිස්ත්‍රික් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරන බව ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට තිබෙනවා. එම ක්‍රමය අහෝසි කිරීමෙන් උත්සාහ ගන්නේ නිදහස් අධ්‍යාපනයට තිත තැබීමටයි.
නමුත්, අපේ ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය සැමට ඇති අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඒ අනුව ක්‍රියා කරනවා. අධ්‍යාපනය නැමැති ඉනිමගේ ඉහළට නගින්න සියලූ දෙනාම දිරිමත් කරනවා. ඒ සඳහා ප්‍රතිපත්ති, පහසුකම් හා සැලසුම් සකස් කරනවා. සියලූ පාසල් හොඳම පාසල් බවට පත් කිරීම අපේ අරමුණයි.
වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම, පාසල් විෂය මාලාවට තාක්ෂණ අධ්‍යාපනය එක් කිරීම, ළඟම පාසල - හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කිරීමට අප පියවර ගෙන තිබෙනවා.
ඉසෙඩ් ස්කොර් ක්‍රමය ඉවත් කර පාසල අනුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම මේ අයගේ සැලසුමයි. එය කළ හැකි දෙයක් නොවෙයි. අද ක්‍රියාත්මක ඉසෙඩ් ස්කොර් ක්‍රමයට අනුව දේශපාලන බලපෑම් මත හෝ වෙනත් බලපෑමකින් විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කළ නොහැකියි. ඒ සඳහා පවතින එකම ක්‍රමය දක්ෂතාවයෙන් විභාග සමත් වීමයි.
ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම යනු සමාජයේ සමානාත්මතාවය ඇති කරන ප්‍රධානතම ආයුධය නැති කිරීමයි. දක්ෂතාව අනුව ඉදිරියට යාමට තිබෙන අවස්ථාව අහිමි කිරීමයි. ඒ අනුව එමගින් විශාල හානියක් සමාජයට සිදුවිය හැකියි.
ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කර ඇති කරනවා යැයි කියන විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? සෑම පාසලකටම විභාගයක් පවත්වනවාද? පාසල් ගණනාවක් එකතු කර විභාග පවත්වනවාද? මෙය හරි විහිලූවක්. ලෝකයේ කිසිම රටක පාසල් විභාග ප්‍රතිඵල පදනම් කර ගෙන විශ්ව විද්‍යාලවලට දරුවන් ඇතුළත් කරන්නේ නැහැ. ඒ සඳහා පිළිගත් ක්‍රමවේද තිබෙනවා.
එසේ නම් ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීමට තිබෙන අවශ්‍යතාව කුමක්දැයි ගෝඨාභය රාජපක්ෂ රටට කිව යුතුයි.
ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කිරීම දුප්පත් ප්‍රදේශවල, දුප්පත් පාසල්වලින් දක්ෂතාවය මත ඉදිරියට එන දරුවන්ට කරන බලවත් අසාධාරණයක් බව කිව යුතුයි. මෙහි අවසාන ප්‍රතිඵලය ලන්ඩන් උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව දරුවන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක් විය හැකියි.
වැඩ වසම් යුගයක හැර කිසි දවසක විභාග ක්‍රමයකින් දක්ෂයන්ට ඉදිරියට යාමට තිබෙන අවස්ථාව නතර කර නැහැ. ඉසෙඩ් ස්කොර් ක්‍රමය අහෝසි කරනවා කියන්නේ රතුපස්වල ඝාතනයට වඩා භයානක ක්‍රියාවක් බව කිව යුතුයි. රතුපස්වල ජීවිත ඝාතනයක් සිදු වුණා. මෙමගින් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට සිටින තරුණ තරුණියන්ගේ අනාගතය ඝාතනය කරනවා. ඒ අනුව වසරකට තරුණ තරුණියන් ලක්ෂ දෙකකගේ අනාගතය ඝාතනය කරනවා. මේ නිසා ගෝඨාභය “ටර්මිනේටර්” නාමයෙන් හඳුන්වනවා. එය ඔහුගේ නමට උචිතම නාමය බව කිව යුතු බව” ද වික්‍රමසිංහ මහතා පැවසීය.
popular news
-
ranjith Tuesday, 05 November 2019 05:24 AM
Z චොරේ ක්‍රමය හේදුවේ උගත් මහාචර්ය වරු අද දෙසපලන්චයෝ බේල ගහනවා අගක් මුලක් නොදෙන
Reply : 0 0
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:49 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

