කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇතුළු රටේ අනෙකුත් ගුවන් තොටුපළ තුළ ඇති ශ්‍රී ලාංකික ප්‍රභූන් සදහා ඇති ප්‍රභූ පර්යන්තයන්හි (VIP ) සහ විශේෂ සත්කාර ගුවන් මගීන් සදහා වන " සේද මාවත " ( CIP) ගුවන් මගී පර්යන්තයන්හි මගී නිශ්කාශන රාජකාරී කටයුතු හෙට (06දා) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ .
රටේ දශක හතකට අධික කාලයක් තිස්සේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය විසදීම සදහා වර්තමාන පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර , නිශ්චිත විසදුමක් ලබා දෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තුළ නියැලෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.