UPFA අයවැයට විරුද්ධයි
2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ. ඔවුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි මෙම තීරණය ගෙන ඇත.
අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම අද පස්වරු 5.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්විමට නියමිතය. කෙසේ වෙතත් අවශ්‍යවුවහොත් ජනපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිමතට සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම තීරණය කර තිබේ.

-
Champa Tuesday, 12 March 2019 04:00 PM
එහෙම කොටස් වශයෙන් අයවැයට චන්දෙ දෙන්න පුලුවන්ද? අනික අයවැය පැරද්දුව කියලා මොනවාද ලැබෙන්නේ? SLFP, UNP, UPFA මේ ඔක්කොම එකතුවෙලා සම්මත කරපු 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය නිසා අයවැය පැරදුනා කියල ආණ්ඩුව ඉබේ වැටෙන්නේ නැහැ. එහෙම වට්ටන්න නම් යෝජනාවක් ගෙනල්ල 2/3 කින් සම්මත කරගන්න ඕනේ. මේ අයවැය පැරද්දුවොත් ආණ්ඩුව තව අයවැයක් ගෙනෙයි. ඒකත් පැරද්දුවොත් තව අයවැයක් ගෙනෙයි. ඒකත් පැරද්දුවොත් තව එකක් හෝ මුල් අයවැය ආයේ ගෙනෙයි. හැබැයි ඒක නම් හොඳ වැඩේ කර කර ඉන්න. ඔය විදිහට අවුරුද්ද අග වෙනකම් යන්න පුලුහන්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
