Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 මාර්තු මස 22 වන සෙනසුරාදා
2025 මාර්තු මස 22 වන සෙනසුරාදා
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය පොහොට්ටුව සමග එකතුවීමක් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ගියේ ඡන්ද දායකයින් දාහතර ලක්ෂ අසූදහසක් සමග බවත්, මීට අමතරව සන්ධානයව වටා සිටින පක්ෂ විස්සක්ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන බවද එම සන්ධානයේ මහලේකම් මහින්ද මහරවීර මහතා සඳහන් කළේය.
මේ වනවිට තොන්ඩමන් මහතාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව තිබෙන බවත්, ඔහුගේ ඡන්ද පදනම ලක්ෂ දෙකක් බවද අද (15දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
Nishan Wednesday, 16 October 2019 04:43 AM
කොහොමද කියන්නේ චන්ද දාහතර ලක්ෂ අසුදාහක් ගියා කියලා? 2015 දී නොගිය චන්ද දායකයන් මෙවර යන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔබලා ගිය පලියට පාක්ෂිකයන් යන්නේ නැහැ. ඔබලා ගියේ දිනුවොත් ඇමතිකම් ගන්න බලාගෙන. ඒක වෙන්නෙත් නැහැ. දිනුවත් පැරදුනත් ඔබලාට ඇමතිකම් නැහැ.
Reply : 0 0
Champa Wednesday, 16 October 2019 08:37 AM
මොකක්ද මේ කියන්නේ? පලවෙනි වාක්යයෙයි දෙවෙනි වාක්යයෙයි අතරේ පරස්පරයක් තියෙනවා. තොන්ඩමන් වගේ මිනිස්සු එක්ක එකතු වෙන්න නෙමෙයි ජනතාව අවුරුදු 5ක් තිස්සේ කට්ට කාගෙන හිටියේ. වහල් ආණ්ඩුවේ හවුල් කාරයෝ එක්ක තියෙන ගමන මොකක්ද? යහපාලනය එලවන්න ඕනෙලු හැබැයි යහපාලනය ගෙන්න මුල් වුනු හැමෝම දැන් පොහොට්ටුවේ. මහින්ද කියනව යහපාලනය ගෙදර යවන්න ඕනෙලු. බැසිල් කියනවා යූඑන්පී ප්‍රබලයෝ පොහොට්ටුවට එකතු වෙනවලු. තව වර්ධරජාල ඉන්නවලු TNA එක එක්කත් කතා කරනවලු. එතකොට යහපාලනයේ බාගෙට බාගයක් දෙපැත්තේම ඉන්නවා. ඒ කියන්නේ පොහොට්ටුවට චන්දෙ දීම = යූඑන්පී එකට චන්දෙ දීම. පැහැදිලිවම මේ පක්ෂ දෙකම ඇමරිකන් ගිවිසුම් අත්සන් කරනවා. ගෝඨාභය ඒ බව ඊයේ නිශ්චිතවම කිව්වා. UPFA එක ගැන කතා කරනවා නම් මම 2015 වැඩ කලේ UPFA එකට. ඒ මහින්ද සහ විමල් හිටපු නිසා සහ ඒ දෙන්නගේ ප්‍රතිපත්ති මගේ ප්‍රතිපත්ති එක්ක ගැලපුණු නිසා. හැබැයි පොහොට්ටුවේ තියෙන්නේ මහින්දගේ ප්‍රතිපත්ති නෙමෙයි බැසිල්ගේ ප්‍රතිපත්ති. බැසිල් හින්දු පත්තරේට කියල තිබුන බලය විමධ්‍යගත කරන්න පොහොට්ටුව කැපවෙනවලු. ඒක පොහොට්ටුවේ ප්රතිපත්තියක්ලු. බලය තව මොනවා විමධ්‍යගත කරන්නද? මේක තනිකරමCONTINUED
Reply : 0 0
Champa Wednesday, 16 October 2019 08:58 AM
බැසිල් හින්දු පත්තරේට කිව්ව බලය විමධ්යගත් කිරීමේ අරුත මොකක්ද? මේ කතාව භයානකයි. මේ කියන්නේඋතුරු නැගෙනහිරට පොලිස් සහ ඉඩම් බලය දීම වෙන්න පුළුවන්. යුද්ධය දිනුවටත් පස්සේ ඉන්දියාවට ඕනේ විදිහට උතුරට වෙනම පාලනයක් දෙන්න ගෙනාපු 13 plus කතාව පිටිපැස්සේ ඉන්නේ බැසිල්. විමල් මූලිකව UPFA එකේ අනිත් පක්ෂ නායකයන්ගේ විරෝධය හමුවේ මහින්ද නැවතුන. එදා එහෙම කලාට අද එහෙම කරන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් පොහොට්ටුවේ බලය තියෙන්නේ බැසිල්ට මිසක් මහින්දට නෙමෙයි නිසා සහ ජනාධිපතිත් වෙන්නේ ගෝඨාභය මිසක් මහින්ද නෙමෙයි නිසා. ඒ හින්ද ගෝඨාභය දිනුවොත් ක්‍රියාත්මක වෙන්නේ බැසිල් ගෝඨාභය සහ පොහොට්ටුවේ රටට අහිතකර ප්‍රතිපත්ති. අනිත් බැසිල් කිව්ව භයානකම කතාව තමයි දෙමල සහ සිංහල මිනිස්සු එකිනෙකාට සමාව දිය යුතුයි කියන එක. මොන මගුල් ගෙදරකටද අපිට දෙමලුන්ගේ සමාව? මේ කියන්නේ යුධ අපරාධ පිළිගැනීම වෙන්න ඕනේ. හොඳයි වැඩේ. උතුරු නැගෙනහිර දෙමල මුස්ලිම්ට තමයි යුද්ධය නිමා වීම නිසා වැඩිම යහපතක් වුනේ. හැබැයි යුද්ධ කරේ සිංහල දෙමව්පියන්ගේ දරුවෝ. සමාවක් ගන්න සිංහලයෝ කරපු වැරැද්ද මොකක්ද? මේකෙන් කියවෙන්නේ මේ ගොල්ලෝ අනිවාර්යයෙන්ම හමුදාවේ කිහිප CONTINUED
Reply : 0 0
Champa Wednesday, 16 October 2019 09:24 AM
බැසිල්ගේ දෙමල සිංහල සමාව දීමේ කතාව පිටිපැස්සේ තියෙන්නේ මේගොල්ලෝ බලයට ආවොත් අනිවාර්යයෙන්ම හමුදාවේ කිහිපදෙනෙක් යුධ අපරාධ කළා කියලා හිරේ දානවා කියන එක. ඒ මොකොද කිව්වා නම් බැසිල් මේ කාරණා දෙක කිව්වේ TNA එකේ සහයෝගය බලාපොරොත්තුවෙන් කියා හොඳටම පැහැදිලි නිසා. ඊට පස්සේ කියයි chapter close කියල. UPFA එක ගැන මම කියන්න ගියේ අවුරුදු 4ක් යූඑන්පී එකත් එක්ක රට පාවා දීපු ජනාධිපති අන්තිමට අන්තිම මොහොතේ කැලණිය වැන්දා වගේ රට වෙනුවෙන් කරපු ලොකුම හොඳම දේ තමයි ඇමරිකන් ගිවිසුම් නතර කරපු එක. හැබැයි බැසිල් සහ ගෝඨාභය ඒ ගිවිසුම් අත්සන් කරනවා. නතර කරන්න සිරිසේන කෙනෙක් නැහැ එතකොට. 2015 UPFA එකට සීට් 95ක් ලැබුනේ විමල් උගුර ලේ රහ වෙනතුරු වේදිකාවල කැහග්ගහල ජනතාව අවධි කරපු නිසා. අදත් පාර්ලිමේන්තුවේ ඉන්නේ UPFA මන්ත්රීවරුමිසක් පොහොට්ටුවේ මන්ත්‍රීවරු නෙමෙයි. දැන් විමලුත් පොහොට්ටුවේ කටපියන් ඉන්නවා.මට නම් රනිල්ගේ යූඑන්පී එකෙයි බැසිල්ගේ පොහොට්ටුවෙයි වෙනසක් පේන්නේ නැහැ. දෙකේම ප්රතිපත්තිවල වෙනසක් නෑ. අද සිංහලයන්ට කියලා පක්ෂයක් නැහැ. මම කියන්න ගියේ මොකක් හරි හේතුවක් නිසා චන්දෙ නොතිබ්බොත් කල් ගියොත් නැවත කැඳේව්වොත් UPFA
Reply : 0 0
dilal Wednesday, 16 October 2019 06:22 PM
තොන්ඩමන්ගේ අලුතෙන් පොහොට්ටුවට යාමක් කොහෙද 2015වෙ ජනාධිපතිවරණය පවත්වනවිටත් තොන්ඩමන් මහින්ද මහතාගේ ආණ්ඩුවේ කැබිනෙට් ඇමතිවරයෙක් බව කාටද අමතක .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd