තමන් ජනපතිධුරයට පත්වීමෙන් පසුව කළ පළමු දේ ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම ඈත්වී තිබුණ ජාත්‍යන්තරයේ හිත් නැවත දිනා ගැනීම බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මොණරාගල දිස්ත්‍රික් සමුළුව ඊයේ (14දා) බුත්තලදී අමතමින් ඔහු මේ බව පැවැසීය.
“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉස්සරහා ආණ්ඩුවේ ඇමතිවරු ගිහිල්ලා උපවාස කළා. රටේ රාජ්‍ය නායකයා ගිහින් ඒ අයට තැඹිලි පෙව්වා.
නවනීදන් පිල්ලේ ආණ්ඩුවට ආව වෙලාවේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කිව්වා මට එයාව කසාඳ බැඳ ගන්න තියෙනවානම් හොඳයි කියලා.
ජාත්‍යන්තරය සම්පූර්ණයෙන් අපෙන් අයින් වුණා. මම ජනපතිධුරයට පත්වෙලා කරපු පළමු දේ තමයි ජාත්‍යන්තරයේ හිත් දිනා ගැනීම.
2019 වර්තමාන නායකයන්ට මම ආණ්ඩුව භාර දෙන විට මේ රට ආහාරවලින් ස්වයංපෝෂිත වෙලා තිබුණේ. ඒක අමතක කරන්න එපා.හෙට අනිද්දා ජාතික ආණ්ඩුවක් හදන්න යනවා. ඒවාට අපි සම්බන්ධ වෙන පිරිසක් නෙමෙයි.”