අද දිනයේදී නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
ඒම පක්ෂයේ මන්ත්‍රිවරු, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා ඩලස් අලහප්පෙරුම යන මහත්වරු අතර ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
මේ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 10 දෙනාම ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට නියමිතය.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය වැඩබලන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තිරණය කළ බව ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.