ශ්රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරේ අවි ගබඩාවෙන් සොරකම් කොට සිය නිවස ආසන්නයේ ගස් බෙනයක ටී 56 වර්ගයේ ගිනි අවිය සගවා තැබුවේ යයි සැකපිට අත්අඩංගුවට ගත් එම යුධ හමුදා කදවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියා අද (12දා) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු හෙට (13දා) දක්වා රදවා තබාගෙන ප්රශ්න කිරීමට බලපිටිය වැඩබලන මහේස්තාත් සංජය කොඩිතුවක්කු මහතා කරන්දෙණිය පොලීසියට අවසර ලබා දුන්නේය.
මොහු කුරක්කන්දුව, උඩුවිල ,බටපොළ ලිපිනයේ පදිංචි යුද හමුද සාජන් මේජර් දෙක තනතුරු දරන කරන්දෙණිය කොහිලවගුර යුධ හමුද කදවුරේ අවි ගබඩාව බාරව සිටි නිලධාරියෙකි. කරන්දෙණිය පොලීසිය විසින් සැකකාර යුධ හමුදා නිලධාරියා අධිකරණයට අද (12) ඉදිරිපත් කරන ලදි.