2014 ලෝක කුසලානයෙන් පස්සේ
ක්‍රීඩා අමාත්‍යවරු 4යි
පුහුණුකරුවන් 5යි
සහායක කාර්යමණ්ඩලය 30යි
නායකයන් 10යි
ක්‍රීඩකයන් 105යි
අවුරුදු පහක් තුළ ක්‍රීඩකයන් 105ක්, නායකයන් 10ක් හා ප්‍රධාන පුහුණුකරුවන් 5ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්හදා බලා ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
අපි 2014 ලෝක කුසලාන ජයග්‍රහණයත් එක්ක අද තියෙන තත්වය දිහා බැලුවොත් එහෙම, අපට දිගු කාලීන සැලැස්මක් නොමැති වීම විශාල අභියෝගයක්. එය සමස්ත ක්‍රීඩාවට ම බලපාපු කාරණාවක්. 2014 ලෝක කුසලානයෙන් පස්සේ 2019 වන විට අපට ක්‍රීඩා අමාත්‍යවරු හතර දෙනෙක් හිටියා.
ඒ වගේම තමයි ප්‍රධාන පුහුණුකරුවන් පස්දෙනෙක් මේ අවුරුදු හතරට පුහුණුවීම් කටයුතු කරලා තියෙනවා. ඒ අයට අමතරව supporting staff එක විදිහට විස්සක් තිහක් අතර ඉඳලා තියෙනවා. ඒ වගේම එක් අවස්ථාවක දේශීය පුහුණුකරුවන්ට අවස්ථාව දිය යුතුයි කියන මතය ඇවිල්ලා පුහුණුකරුවො බඳවා ගත්තා. සංචාරයක් අතරමග ඒ පුහුණුකරුවා ගිවිසුම අහෝසි කළා. අවසාන ප්‍රතිඵලය තමයි ඒ පුහුණුකරු අද වන්දි නඩුවක් දාලා තියෙනවා. වන්දිය negotiate කරන්න නැත්නම් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ඒ කණ්ඩායම කරන වැඩේ සාධාරණීයකරණය කරන්න ඩොලර් ලක්ෂ එක හමාරක නීති උපදෙස් වලට මුදල් ගෙවලා තියෙනවා.
මේ අනුව, අවුරුදු පහක් ඇතුළත පුහුණුකරුවෝ පස්දෙනයි, එපමණක් නෙවෙයි කණ්ඩායම් නායකයෝ දහදෙනෙක් අත්හදා බලා තියෙනවා. මේ කාලය වන තුළ ඊට අමතරව ක්‍රීඩකයන් 105ක් T20, one day, test ආදී තරග වලට අත්හදා බලා තිබෙනවා. සමහරක් ක්‍රීඩකයන් එක තරගයක් පමණයි සෙල්ලම් කර තිබෙන්නේ. අවසාන ප්‍රතිඵලය ඒ කිසි කෙනෙක්ට තමන්ගේ ස්ථානයේ ස්ථාවර වෙන්න අවස්ථාව ලැබුණේ නෑ .
2016-2017 කියන එක අවුරුද්ද තුළ විතරක් ක්‍රීඩකයෝ හතළිස් දෙනෙක් කටයුතු කර තිබෙනවා. 2014 ට පස්සෙ අපි සම්බන්ධ වුණු කුසලාන ගත්තොත්, 2016 පළමු වටය අපි ජයග්‍රහණය කළේ ඇෆ්ගනිස්ථානය පමණයි. 2017 champion’s trophy අපි එක තරගයක් ජයගන්නව, ආසියානු කුසලානය අපි බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානයට පරාජය වෙනව. මේ අනුව බලන කොට ක්‍රිකට් ක්‍රීඩාවේ වැටීම 2014 න් පසු 2015 න් ආරම්භ වෙන්නක්. එකිනෙකාට ඇඟිල්ල දික් කිරීමෙන් ඒක තේරුමක් වන්නේ නැහැ,
ක්‍රීඩකයන්ට සාධාරණ කාලයක් ලබාදීම යනු අසීමිත කාලයක් නෙවෙයි විනය ප්රමුඛ කරගත් සාධාරණ කාලයක් , මලල ක්‍රීඩා ඇතුළු සියලුම ක්‍රීඩා ක්‍රීඩා කරන ක්‍රීඩා ක්‍රීඩකයින්ට එය ඉතාමත්ම වැදගත් ! ඒ ක්‍රීඩකයා ලෝකෙ කොතරම් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් වුණත් රටේ ගෞරවය අගෞරවය වෙන විදිහට කටයුතු කරනවා නම් රටේ කීර්තිනාමයට අගෞරව කරනවා නම් අපි අදාල විනය ක්‍රියාමාර්ග ගන්නවා ඇති. එය මලල ක්‍රීඩාව ඇතුළු සෑම ක්‍රීඩාවකට ම අදාළයි”