විශේෂ කාර්ය බළකායේ 81 වන මූලික ආධුනික පුහුණු පාඨමාලාවේ විසිරයාමේ පෙළපාලිය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09දා) පස්වරුවේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේදී පැවැත්විණි.
එම බළකායේ ආධුනික සෙබළුන් 191 ක් මෙහිදී විසිරයන ලදී.
පුහුණු පාඨමාලාවේ දක්ෂතම වෙඩික්කරු ලෙස කේ.ඩී.ඩී.අයි.මධුසංඛ ද, විශිෂ්ඨතම ආධුනික කොස්තාපල් ලෙස ඩී.ඩී.දර්ශණ ද කුසලාන හිමිකරගන්නා ලදී
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි , විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර , කටුකුරුන්ද පුහුණු පාසලේ අධ්යක්ෂ සහ කළුතර කලාප අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක ඇතුළු නිළධාරින්, විසිරගිය සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
පානදුර සුමිත් පොතුපිටිය
