පොලිස් විශේෂ කාර්ය බලකාය හා ඇති වූ වෙඩි හුවමාරුවකදී මියගිය අබ්බාගේ මරණය සම්බන්ධයෙන් එම අවස්ථාවේ එතැන සිටිය බව කියමින් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා පෙබරවාරි මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන්දුරුගොඩ මහතා අද (11දා) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබූයේ ජාතික නිවාස එගොඩ උයන මොරටුව ලිපිනයන්හී පදිංචි ඩිලාන් තරංග, වඳුරුදුව වස්කඩුවේ පදිංචි (34) දිනේෂ් චතුරංග,ඉසුරැසිරි මාවත මෝදර මොරටුව පදිංචි (40) ධම්මික ඉඳුනිල්, ගුඩ් විල්වත්ත මෝදර මොරටුව පදිංචි (42) දේව්ගේ දොන් සමන් කුමාර, ජෝසප් පෙදෙස කටුකුරැන්ද මොරටුව පදිංචි (30) සුජිත් ශ්‍රිමාල්, එගොඩ උයන මොරටුව පදිංචි(31) සදීප ලක්ෂාන් නැමැති සැකකරුවන් වෙත ය.
මෙම සැකකරුවන්මොරටුව එගොඩ උයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අත්අඩංගුවට ගත් ඩිලාන් තරංග නමැති සැකකරු සන්තකයේ අත්බෝම්බයක් තිබූ බව පොලිසිය අධිකරණයට පැවසීය.
ඒ අනුව අදාල බෝම්බය නිශ්ක්‍රීය කරිමෙන් පසු රස පරීක්ෂකට යොමු කර වාර්ථාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
ඊට අමතරව ඉතිරි සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ දැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දන්වා සිටි අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශනයක් සිදුකොට වාර්තාවක් කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
එහිදි වෙඩි වැදී මියගිය ඩිලාන් සමීර නොහොත් අබ්බා නමැති සැකකරුගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් සහ මරණ පරීක්ෂාව සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කරනු ලැබීය.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා