STF නිලධාරීන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මරුට
හම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්රදේශයකදී අද (22) උදෑසන STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් ඇති බව සූරියවැව පොලීසිය කියයි.
අදාළ සැකකරු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය කියයි.වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ STF නිලධාරියෙකු ද සූරියවැව රෝහලට ඇතුළත් කර තිබේ.
සූරියවැව වැවේගම ප්රදේශයේ සැකකරුවන් රැදී සිටින බවට ලද තොරතුරක් මත ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සහ STF නිලධාරීන් පිරිසක් එහි ගොස් තිබියදී මෙම වෙඩි හුවමාරුව සිදු වී ඇති බව පොලීසිය කියයි.
අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනෙකු රැඳීසිට ඇති අතර වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවෙකු පලාගොස් ඇති බවද වාර්තා වෙයි.
මෙම වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් විසින් අත්බෝම්බයක් ද නිලධාරීන් දෙසට එල්ලකර ඇති අතර වෙඩිවැදීමෙන් මියගිය සැකකරු පසුගියදා කොස්ගොඩදී සිදුකළ වෙඩිතැබීමේ සැකකරුවෙකු බවට පොලීසිය සැක පළකරයි.සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

