රජයට අයිති ව්‍යවසායන්වල උසස් නිලධාරීන් විශ්‍රාම යන විට ඔවුන් භාවිත කරන නිල වාහනවල අයිතිය ඉහළ නිලධාරීන්ට පැවරීමේ ක්‍රමය නතර කරන ලෙස මහා භාණ්ඩාගාරය රජය සතු ව්‍යවසායන්ට (SOEs) නියෝග ලබා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රාජ්‍ය බැංකු, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ සභාපතිවරුන්ට මේ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPE) විසින් විශ්‍රාම යාමේදී රජය සතු ව්‍යාපාරවල ඉහළ නිලධාරීන්ට නිල වාහනවල අයිතිය පැවරීමේ අවස්ථා පිළිබඳව ප්‍රශ්න මතු කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
වාහන පැවරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන විසින් අනුගමනය කරන සියලුම අභ්‍යන්තර ප්‍රතිපත්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම චක්‍රලේඛය පවසයි.
පවතින විදේශ විනිමය අර්බුදය සහ රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් භාණ්ඩාගාරයට නොදන්වා වාහන පැවරීම සඳහා පුවරු පත්‍රිකා ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වූ බවයි. එසේම වාහනයේ වටිනාකම අඩුවෙන් තක්සේරු කර වාහන මාර කිරීමට ඇතැම් අයතන කටයුතු කර තිබූ බවයි.
ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යන වයසේදී ඔවුන්ගේ වාහන රැගෙන යෑම නැවැත්වීමට රජය ගත් තීරණයක් නොතකා, සමහර රාජ්‍ය ව්‍යවසායයන් තමන්ගේම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.