ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්රසය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18දා) සිදුවිය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස් හා ලංකා කම්කරු කොංග්රසය වෙනුවෙන් ආරුමුගන් තොණ්ඩමන් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙම අවස්ථාවට එක්විය.
ශ්රී ලංකා පදනම් ආයතනයේදී මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.
