SLPP මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට SLFP මහලේකම්වරයාට හැකියි

මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂයේ මහලේකම්වරයාට හැකියාව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා අද (20දා) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, එවැනි විනය ක්‍රියාමාර්ගයක් සිදුකරන්නේ නම් ගැටලුවකින් තොරව ඊට මුහුණ දීමට සූදානම් බවයි.
එක්සත් ජාතික පක්ෂ විරෝධී බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගීම සඳහා තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම නායකත්වය ලබාදුන් බවත්, එය වසන් කිරීමට තමන් සූදානම් නොමැති බවත් පැවසූ මන්ත්‍රීවරයා, එ.ජා.ප. විරෝධී පුළුල් පෙරමුණක සාමාජිකයන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් වන තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයදුම්පත් පත්‍රයක් බාරගත් බවත්, කිසි විටෙක සාමාජිකත්වය ලබා නොගත් බවත් හෙතෙම පවසා සිටියේය.
popular news
-
Champa Thursday, 20 December 2018 02:50 PM
සාමාජිකත්වය ගත්තේ නැත්නම්, පොදු ජන පෙරමුණේ වෙන්නේ කොහොමද? ඔච්චර ඕනේ නම් ඉතින් පොහොට්ටු සාමාජිකත්වය අරන් පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න පුළුවන්නේ. මහින්ද අගමැති වෙලා ඉන්දත්දී, පුදුම හදිස්සියකින් පොහොටුවට ගත්තේ මහින්දට ආදරේට නෙමෙයි. පාර්ලිමේන්තුව විසිරෙව්ව්හම හිතුව වැඩේ හරි.මෙතන තියෙන්නේ මහින්දට බලය අරන් දෙන්න කමක් නෙමෙයි. මහින්දව දෙකේ කොලේට දාල හරි පොහොට්ටුව ඉස්සරහට ගේන එක. පව් හිටපු ජනාධිපතිතුමා. ඒ පැත්තට අදින කොට ඒ පැත්තට යනවා. මේ පැත්තට අදින කොට මේ පැත්තට එනවා. එතුමාම හින්ද ඉවසල ඉන්නවා. පොහොට්ටුවයි ශ්‍රී ලංකා එකයි දෙකම හොඳට මතක තියා ගන්න දෙයක් තියෙනව. ජනතවට පොහොට්ටුවෙන් වැඩකුත් නැහැ. ශ්‍රී ලංකා එකෙන් වැඩකුත් නැහැ. අනික ලංකාවේ ඊළඟ ජනාධිපති පත් වෙන්නේ ඔය දෙකෙන්ම නෙමෙයි. ඕනේ නම් ගෝඨාභය වුනත් දාන්න පුළුවන්. පුලුවන්නම් ජනාධිපති කරලා පෙන්නන්න කියලා අභියෝග කරනවා. මම කියන්න ගියේ ජනතාවට පොහොට්ටුවෙන්වත් ශ්‍රී ලංකා එකෙන්වත් වැඩක් නැහැ. ජනතාව ඉන්නේ හිටපු ජනාධිපතිතුමා එක්ක. මිනිස්සුන්ට ඕනේ එතුමා විතරයි. වටේ එවුන්ගෙන් මිනිස්සුන්ට වැඩක් නැහැ. රටම දැක්කනේ හිටපු ජනාධිපතිතුමාට කරපු දේ. තවත් මොන කතාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
