ආණ්ඩුවේ ප්‍රධානතම හවුල්කාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනවීමට තිරණය කර තිබේ. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන් අද පෙරවරුවේ රැස්වී කළ සාකච්ඡාවකින් අනතුරුවය.
එසේම ඉදිරි දින දෙක තුළ ඔවුන් ආණ්ඩුවේ දරණ සියලුම තනතුරුවලින් ඉවත්වීමටද තීරණය කර තිබේ.මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට (05දා) රැස්වීමට නියමිතවය තිබේ.