SLFP මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ හා තවත් ගැටලු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (08දා) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
සැප්තැම්බර් 02 වැනිදාට පෙර පක්ෂ ප්රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බැවින් දැනට පක්ෂ ප්රතිසංවිධාන කටයුතු වෙනුවෙන් සිදු කර තිබෙන කාර්යභාරය හා ඉදිරි කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවත් වාර්තා වේ.
පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති නිල නිවසේදී මධ්‍යම කාරක සභාව පැවැත්වීමට නියමිත අතර, මේ සඳහා 16 දෙනාගේ කණ්ඩායමේ තනතුරු දරන පිරිසටද ආරාධනා කර තිබේ.

-
කෝලිත Tuesday, 07 August 2018 01:28 PM
රුස්විම සිරිකොතේ නෙමෙයිද තියන්නෙ...?
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
