SLFP ප්රතිසන්ධානය ජනවාරියේදී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇත.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්රතිසංවිධාන කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවබත් පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ජනපති මෙහිදි සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එමෙන්ම පුළුල් සංධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සඳහා සූදානම් කිරිමට සියලු ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
-
ase Monday, 24 December 2018 03:30 PM
මෙය හලලා අවොත් අපි නැවත අපේ පක්ෂයට එනවා නැත්නම් චන්දය දෙන්නේ නෑ, කආට දුන්නත් මෙයට නෑ .
Reply : 8 0
Lion Monday, 24 December 2018 04:55 PM
මොන ප්රතිසවිදනද ඔහේ පක්ෂේ ඉවරකරලා ?
Reply : 10 0
Champa Monday, 24 December 2018 06:37 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ සභාපතිකම තවදුරටත් තියාගෙන ඇති වැඩක් නැහැ. ඕක මහින්දට දෙන්න තිබ්බේ අගමැතිකම දෙනකොටම. එහෙම දෙකම දුන්න නම්, මහින්ද තාමත් අගමැති. කොහොමද කියන්න අවශ්‍ය නැහැ. මහින්ද සභාපතිකමට කැමති නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. නියම ප්‍රතිසංවිධානය පටන් ගන්න ඕනේ සභාපතිකමේ ඉඳන්. බහුතරය කැමති මහින්දට හින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකකම දැන්වත් මහින්දට දෙන්න ඕනේ. කැමති නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
