පුත්තලම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරා මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබේ.
කොළඹ වොක්ස්හෝල් වීදියේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන බව ප්‍රකාශ කළේය.
“ශ්‍රීලනිප පාක්ෂිකයන්ට අපි කියන්න කැමතියි දායාසිරිලා ශ්රීලනිපය නිවරදි තැනකට නොවෙයි ගෙන යන්නෙ. ආරක්ෂක අමාත්‍යවරයා කවුද? පොලීසිය භාරව සිටියේ කවු ද? ජනාධිපතිවරයා, පාස්කු ප්‍රහාරයයේ වගකීම ගතයුත්තේ ජනාධිපතිවරයා. ජනාධිපතිවරයා සහාය දක්වන්නේ ගෝඨාභය රාජපක්ෂට.
ගෝඨාභය රාජපක්ෂ යුද්දය තිබෙන කාලේ රට අතහැරලා ගිය කෙනෙක්, අයිය ජනාධිපති වුණාම නැවත ලංකාවට පැමිණ ආරක්ෂක ලේකම් වුණේ. ලොකේ කොහෙද අයියයි මල්ලිය රට පාලය කරන්නේ, ජාත්‍යන්තරය තුළ ප්‍රතික්ෂේප වුණ කෙනෙක් කොහොමද රටක් ඉදිරියට ගෙන යන්නේ.
මහින්ද- දයාසිරි එකතුවෙලා ශ්රීලනිපය අමු අමුවේ වළලා දැම්ම. ඊට සහය දක්වන්න එපයි කියලා අපි ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන් ඉල්ලනවා.”
