SLBFE සභාපතිධුරය සිවිල් පුද්ගලයෙකුට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස මහේන්ද්‍ර කුමාරසිංහ මහතා අද දින වැඩ භාරගත්තේය. මානව සම්පත් සංවර්ධනය හා ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ වසර 20ක පමණ පලපුරුද්දක් සහිත කුමාරසිංහ මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වේ.
ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියකු (EMBA, Mahathma Gandhi University) වන කුමාරසිංහ මහතා, මෙට්‍රොපොලිටන් ආයතනයේ සම්බන්ධීකරණ අධ්යක්ෂවරයා ලෙස ද (Contract Director of Metropolitan Advanced Technologies Private Limited), ATSL International (PVT) LTD ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ලෙස ද, ඇක්සස් ජාත්‍යන්තර පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳව ඉහළ තනතුරු රැසක කටයුතු කරමින් සන්නිවේදන ක්ෂේත්රයට විශේෂ දායකත්වයක් ලබාදී තිබේ.
අද දින වැඩ භාරගත් මහේන්ද්‍ර කුමාරසිංහ මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 20 වන සභාපතිවරයා වේ. ඔහුට පෙර මෙම කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතායි.
popular news
-
roshan Friday, 29 July 2022 11:45 PM
all agencies one branch linked with on line communication to open at one place close to any center of all public transport facilities can help job seekers find yheir job fast.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

