රට විනාශයි - බේරගමු යන තේමාව යටතේ සමගි ජන බලවේගය අද (15දා) පවත්වන විරෝධතාවය පාගමන් දෙකකින් ආරම්භ කිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනු එක් පා ගමනක් පස්වරු 01ට මහජන පුස්තකාලය ඉදිරිපිටින් සහ අනෙක් පා ගමන මාලිගාවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටින් පස්වරු 01ට ආරම්භ කිරීමටත් කටයුතු යොදා ඇත.
මේ අතර අද පැවැත්වීමය නියමිත විරෝධතාවය සම්බන්ධයෙන් ඊයේ (14දා) රාත්‍රියේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
එම සාකච්ඡාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්ව සිටියහ.
