සමගි ජන බලවේගය විසින් ඊයේ (16දා) කොළඹ පැවැත්වූ විරෝධතාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සටහනක් ලබාදුන් පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරික්ෂණවලදී මේ බව අණාවරණය වි තිබේ. රැළියට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට වූ සටහනක් සැකකරු විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක අංශයට ලබාදී තිබිණ.
ඒ අනුව විපක්ෂනායකවරයාගේ ආරක්ෂක අංශය විසින් පොලිසීයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණි.