කෝවිඩ්-19 වසංගතය හමුවේ ජනතාව මුහුණපා ඇති ආර්තික අපහසුතාවයකට පිළියමක් ලෙස ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු මාස හයක සහන කාලයක් ප්‍රකාශයට පත් කරන බව සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම් මරික්කාර් මහතා පැවසීය.
ඒ අනුව පාසල් ළමුන් සදහා දිවා ආහාරය නොමිලේ ලබා දීම මෙන්ම ලීසිං වාරික සහනය මාස හයක් ලබා දෙන බව ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේය.
එමෙන්ම දෛයිනික ආදායම් ලබන් පවුල් සඳහා පසුගිය කාලයේ සඳහන් කළ ආකාරයෙන් රුපියල් 20,000ක දීමනාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.